ඕං එකමත් එක රටක හිටියා බඹරෙක් (ලංකාවේ හරිය). බඹරෙක් කිව්වට ඉතිං බඹරෙක්ම නෙමෙයි චූටි කොල්ලෙක්(ඉට්ස් මී). ඉක්කොලෙ අය තමා කියන්නේ බඹරා කියල (මාව බඹරෙක් වගේ පේනවද දන්නෑ.). සූටි දේකටත් හිත උනුවෙන මිනිහා, හැබැයි හිත හොඳ කොල්ල. දැන්නං ඉක්කොලෙ ගිහින් ඉවරයි. ගෙදරට වෙලා ඉන්න බැරි හින්ද සූටි කෝස් එක්ක කරනවා. ඔච්චරයි ඉතින් කියන්න තියෙන්නේ.
ආ... මේක ගොඩක් කාලෙක ඉදන් පටන් ගන්න හිටියට එක එක හේතු නිසා මග හැරුණා. මැයි 31වෙනිද හිතා ගත්ත කෝම හරි පටන් ගන්නව කියල ලියන්න. අනං මනං බ්ලා.. බ්ලා.. දෙවල් ලෑස්ති කරල කොහොමෙන් කොහොම හරි ජූනි 01වෙනිදා වැඩේ පටන් ගත්තා. දැන් තමා ගැට ගහන් යන්න තියෙන්නේ. හූ තිය තිය පටන් ගත්තට කල් යද්දි මොනා වෙයිද දන්නෑ. හම්මේ.. දැන් තියෙන ප්රශ්නෙ තමා මොනාද ලියන්නේ කියන එක.
තව කියන්න තියෙන්නේ... මං මේකට ආධුනිකයි. සූටි සූටි අඩුපාඩුකම් ඇතිවෙයි. යොජනා චෝදනා ඇතොත් කියන්න. (වරදක් කලත් සිතකින් නොවේ.) හැමෝම සම්පූර්ණ නෑනේ. ඊලඟ එකේදි හමුවෙමු.
එහෙනන් හැමෝටම ජය වේවා..!!!